Sunday, 20 April 2025
At least 70 killed in India heatwave

At least 70 killed in India heatwave

At least 70 people have died due to intense heatwave in the southern Indian state of Telangana in the past few days. 

“So far, nearly 70 people have died due to heat stroke in the state. The highest number of deaths has been reported from Mahabubnagar district where the death toll is 28,” Xinhua reports citing a  a senior government official.

Most of those who died were labourers and agricultural workers whose job involved working under the sun, the official added.

Meanwhile, the India Express reports that the Meteorology department had sounded a heatwave alert in coastal Odisha.

In 2015, more than 500 people died due to sunstroke in Telangana and the neighbouring state of Andhra Pradesh.'ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරනවා'

 රට මුහුණදෙන ගැටළුවලදී මැදිහත්ව කටයුතු කිරීමට පියවර ගන්නා බව අභිනවයෙන් තේරීපත් වූ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි පවසයි. උන්වහන්සේ පවසන්නේ ශාසනයත්, රටේ ජනතාවගේත් අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම තම අපේක්ෂාව බවයි. මහනායක ධූරයට තේරීපත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි මේ බව කියා සිටියේය.  22 වැනි මහනායක ධුරයට අස්‌ගිරි පාර්ශවයේ 22 වැනි මහනායක ධුරයට බදුලු මුතියංගන රජමහා විහාරාධිපති පණ්‌ඩිත වරකාගොඩ ඤාණරතන අනුනාහිමියෝ ඒකමතිකව ඊයේ (07 වැනිදා) තෝරාපත් කරගනු ලැබූහ. මහානායක ධුරය සඳහා පොලොන්නරුවේ සොලොස්‌මස්‌ථානාධිපති වෙඬරුවේ උපාලි අනුනාහිමියන්ද ඉදිරිපත් විය. ඒ අනුව ඊයේ (07 වැනිදා) සවස අස්‌ගිරි මහ විහාරයේදී පැවැති ඡන්ද විමසීමේදී වරකාගොඩ ඤාණරතන අනුනාහිමියෝ ඒකච්ඡන්දයෙන් තේරී පත්විය. 1955 අප්‍රේල් මස 07 වැනිදා පැවිදි දිවියට පත් ඤාණරතන අනුනාහිමියන් හාරිස්‌පත්තුව වරකාගොඩ අල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොළදෙණියේ දුක්‌ගන්නාරාළලාගේ පිංචි අම්මා මාතාවට දාව 1942 මාර්තු 18 වැනිදා උපත ලදහ. බදුල්ල විද්‍යාත්තංස පිරිවෙනේ සහ වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලැබු උන්වහන්සේ අස්‌ගිරි මහාවිහාර මහ පිරිවෙනෙන් සහ පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනින් උසස්‌ අධ්‍යාපනය ලබා තිබේ. සිංහල පාලි හා සංස්‌කෘත භාෂාවන්හි පුළුල් දැනුමක්‌ ලැබූ උන්වහන්සේ 1970 වසරේදී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රවේදී උපාධිය ලබා තිබේ. වර්ෂ 1976 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු ආරම්භ කළ නාහිමියන් 2004 සහ 2005 වසර වලදීද තේවා කටයුතුවල නිරතව ඇත.

 

Last modified on Monday, 11 April 2016 11:22